Thursday, April 19, 2012

ආදරයක හමුවීම අවසාන කොටස.

පලමු කොටස බැලුවද ඔයා...නැත්නම් ඒක බලන්න මුලින්..මේ තියෙන්නේ ඒක..
දෙවෙනි කොටසත් බලන්නකෝ දැන්... මේ තියෙන්නේ ඒක (2)
දැන් තුන් වෙනි කොටස බලන්න.. මේ තියෙන්නේ ඒක. (3)

මේ හැම දෙයක්ම වෙද්දී මම මගේ cource එකත් කරනවා.මේ දවස් වල practicle..දවසක් මම night එකක් කරනවා .මම වැඩ කරන වෙලාවට ෆෝන් එක silent දාලයි තියෙන්නේ.night එකක් නිසා නිදිමත යන්නත් එක්ක මම ෆෝන් එක අරගත්තා ගේම් එකක්වත් ගහන්න හිතාගෙන.බලද්දී missed cl 21 යි...මැසේජ් 2 යි.
ඒ ඔක්කොම අනුකගෙන්..
මේ මිනිහනම් මහා පිස්සෙක් කියලා හිතාගෙන මම මැසේජ් බැලුවා..

පුතේ ඔයා අපේ අනුකට මොනවද කිව්වේ...ඇයි එයා මේ ගෙදර පිස්සු නටන්නේ...මොකද උනේ ඔයාල අතර..පුතේ මම අනුකගේ පුංචි..
අනුකගේ ෆෝන් එකෙන් එයාගේ පුංචි එවලා තිබුනේ.
අනුකගේම වැඩක් කියලා හිතලා මම එයාගේ ෆෝන් එකට ඒ මහ රෑම කෝල් එකක් ගත්තා..එතකොට මේවා එව්වේ පුන්චිනම් එයා කතා කරයිනේ මාත් එක්ක කියලා හිතාගෙන.ලොක්කා වගේ ගත්තට පොඩි බයකුත් හිතුනා.ඇත්තටම අනුකට මොකක්ද වෙලා ඇත්තේ කියලා.බනින්නම ඕනා කියලා හිතන් ගත්තට කතා කෙරුවේ පුංචි.මගේ ඇගම කූල් වෙලා වගේ ගියා..
මම බයටම මට බනියි කියලා හිතිලා එයා එක්ක කතා නොකර අනුකගෙන්ම විස්තරේ දැන ගන්න හිතන් ආන්ටි අනුක ඉන්නවද කියලා ඇහැව්වා.

මේ දැන් නින්ද ගියා පුතේ...අම්මෝ ආන්ටිනම් හරිම ආදරෙන් කතා කෙරුවා..මගේ බයත් නැති උනා.

ඇයි මොකද එයාට?මට ඕනා උනේ ඉක්මනින්ම අනුක එක්ක කතා කරන්නයි.

අනේ මන්දා මොනවද පෙති වගයක් බීලා පිස්සු නටනවා.බයෙත් බැහැ පුතේ.දන්නවනේ එයාලගේ අම්මගේ හැටි.මේ ළමයින්ට පිස්සු.ඔයාලා අතර මොනවද උනේ?

මෙයා මාව කොහොමද දන්නේ.අදමනේ මම කතා කෙරුවෙත්.ම්හ් හිතා ගන්නත් බැහැ..එහෙම හිතාගෙනම කමක් නැහැ මට මොකද කව්රු උනත් මම කියනවා එයාට විස්තරේ.
ආන්ටි අනුක දැන් ටික දවසක ඉදන් මගෙන් යාලුවෙන්න අහනවා.මම එයාට බැහැ කිව්වා.එච්චරයි උනේ.ඔයා හිතන්න ඇති මම තද හිතක් තියන නරක කෙල්ලෙක් කියලා කතා කෙරුවේ නැති නිසා. මම දැනුයි ආන්ටි ෆෝන් එක බැලුවේ.. අනේ එයාට ගොඩක් අමාරුද???
කොහේ තිබුන දුකක්ද මන්දා ඒ වෙලාවේ මම ඇත්තටම ඇඩුවා..ඒ ආදරයක් නිසාද නැත්නම් ඇත්තටම අනුකට මොනවා හරි වෙයි කියන බයටද කියලානම් මම දන්නේ නැහැ.

අනේ ආන්ටි පොඩ්ඩක් කතා කරලා දෙන්නකෝ එයාට..

දැන් එපා පුතේ පස්සේ කතා කරන්න.නින්ද ගියා විතරනේ.ඔයා ගැන තමයි කෙල්ලෙක් ගැන කියලා අපිට කියලා තියෙන්නේ අද වෙනකල්.කට ඇරියොත් ටීනා ටීනා.මම හිතන්නේ නැහැ පුතේ එයා ඔයාට වැරැද්දක් කරයි කියලා.ඔයා හොඳ තීරණයක් ගන්න.මම අනුකට කියන්නම් ඔයා කතා කෙරුවා කියලා.

හා.අනේ ආන්ටි නැගිට්ට ගමන් ගන්න කියනවා නේද?

හා පුතේ..

අනුක කතා කරනකල් ඉවසිල්ලක් නැහැ මට.නිදාගෙන ඉද්දීම එයාට මොනවා හරි වෙයිද.ආයේ ගන්නත් බැහැ.පුංචි කතා කරන නිසා.අනේ දෙවියනේ අනුකට මොකුත් වෙන්නනම් එපා.කල්පනා කර කර ඉද්දි පැය දෙකකට විතර පස්සේ කෝල් එකක් අනුකගෙන්.මම හිතන්නේ වෙලාව පාන්දර 3 ට විතර..

හෙලෝ
අනුක ගොඩක් අමාරුවෙන් කතා කරන්නේ කියලා මට දැනුනත් අනුක මොනවද අනේ මේ කරගන්නේ ඔයා ඇයි මේ ඇයි මට මෙහෙම කරන්නේ අපේ අම්මල මේවා දැනගත්තොත් මාවයි මරන්නේ මම එක දිගටම කියවගෙන ගියා.
අනුක කියනවා මට අමාරුද ඔයාට මොනවද බිව්වේ ඇයි බිව්වේ බෙහෙත් ගන්න යන්න මේ දැන්ම අනේ ප්ලීස් අනුක මට මෙහෙම කරලා රිද්දන්න එපා.

සමාවෙන්න ටීනා ඔයාට මම වගේ එකෙක් ගැලපෙන්නේ නැහැ කියල මම දන්නවා.මන් වගේ එකෙක්ට දුවෙක් දෙන්න මොන අම්මාද කැමති වෙන්නේ අනික මන් වගේ එකෙක්ට ඔයාව හොඳ වැඩියි..ඒ හැමදෙයක්ම මම දන්නවා එත් මම ඔයාට ආදරෙයි ටීනා ගොඩක්.

අනුකයෝ දැන්වත් ඔය විකාර නවත්තනවා..
මාව ඕනනම් මැරිලා හරි යනවද??

ඕනා උනාට ලැබෙන්නේ නැත්නම් ඒක ඊට වැඩ දුකක්නේ ටීනා.
මට ඒක උදව්වක් කරන්න.ප්ලීස්..

අනුක කියන්න කියන දෙයක් ඉක්මනින් මම ඇතුලට යන්න ඕනා.අනිත් අය බලන් ඉන්නවා කව්ද මේ රෑ මට කතා කරන්නේ කියලා.

මට දැන් ඔයාව බලන්න ඕනා.

මේ....පිස්සුද....ඔය මොනවද මට කරන්න හදන්නේ.මාව මිනිස්සු ඉස්සරහ ලජ්ජා කරන්නද ඕනා.මේ මහා රෑ කොල්ලෙක් මාව හොයන් අවාම මොනවද මන් ගැන හිතන්නේ.අනික ඔයා අමාරුවෙන් ඉන්නේ.ගිහින් බෙහෙත් ගන්න අනුක.මට බයයි.

මට බලන්න ඕනා.අනුක එහෙම කියද්දී මම ෆෝන් ඒක කට් කෙරුවා.එත් අයෙත් අරගෙන අනේ ප්ලීස් ටීනා බලන්නයි ඕනා.


හරි එහෙනම් උදේට මම ගෙදර යන වෙලාවට අපේ ගෙදරට එන්න.මම නිදාගන්නේ නැතුව ඉන්නම්.ඔයා එන්න.

බැහැ මම උදේ 7 වෙද්දී ඔතනට එනවා.එහෙම කියලා අනුක ෆෝන් ඒක කට් කෙරුවා.අ

නුකට අමාරුවක් වෙයිද අනේ දෙවියනේ එහෙමනම් වෙන්න එපා.එහෙම හිතාගෙන මම ඇතුලට ගිහින් ඉදගත්තා.කිසිම දෙයක් හිතට එන්නේ නැහැ.අනුක විතරයි.

උදේ 7 ට එනවා කිව්ව අනුක 6.30 වෙද්දී පාරට වෙලා ඉන්නවා මම දැක්කා.මේ වැඩෙන් මම ලජ්ජා වෙනවා කියලා මම හොදටම දන්නවා උනත් අනුකව බලා ගන්න මටත් ලොකු උවමනාවක් තියනවා.
මම 7 ට එලියට ගියහම අනුක මාත් එක්ක හිනා උනා.මුණ සුදු මැලි වෙලා.මගේ හිතේ තියන දුක එයාට පෙන්නුවොත් එයා තවත් මට ලං වෙනවා.ඒ නිසාම මම ඔරවලා බැලුවා අනුක දිහා.අනුක බිම බලා ගත්තේ පොඩි ළමයෙක් වැරද්දක් කරලා අම්මා ගහන්න යද්දී අහිංසක විදිහට මුහුණ හංගා ගන්නවා වගේ.

යමු ඉතින්.මම කිව්වා.

කොහෙද?

ගෙදර.. වෙන කොහෙද?
බස් එකක් එනවා.යමු යමු ඒකෙ.

ඊලග ඒකෙ යමුද
අනුක අමාරුවෙන් එහෙම අහද්දී මට බැහැ අනුක මේක පාර..මම කෙල්ලෙක් විහිලු කරන්නේ නැතුව එන්න.. අනුකයි මමයි ඒ බස් එකට නැග්ගා.
අපි දෙන්නා එකම ෂිට් එකක ඉදගත්තා.අනුක ගොඩක් අමාරුවෙන් ඉන්නේ.  එත් දුකක් පෙන්වන්නත් බැහැ.

මාර වැඩේ..
අපිට පිටිපස්සේ ෂිට් එකෙ එහා ගෙදර ආන්ටි.එයත් මාව දැක්කේ නැහැ වගේ අහක බලා ගත්තා.අනුක කිව්වා වගේ වෙන එකක එන්නයි තිබුනේ.ඒ තරහත් අනුක පිටින්ම දාලා දැන් හරිනේ ඔක්කොටම කියයි ඔයා මාව එක්කන් යන්න එනවා කියලා.

බස් එකට ටිකට් ගත්තේ අනුක..එයා ටිකට් ගත්තේ මගින් බහින්න.

අනුක පිස්සුද මම බහින්නේ නැහැ මගින්.ඔයා බැහැ ගන්න.
කේන්තියි දුකයි බයයි ඔක්කොම එක පාරම විදින්න උනා.

නැහැ කොහෙවත් යන්න නෙමෙයි පල්ලියට යමු ටිකක්.

අයියෝ අනුක අයියගේ යාළුවොත් දැක්කොත්?

කව්රුත් නැහැ.බහිමු.එන්න.

මමත් බැස්සා අර ආන්ටි බලන් ඉන්න එකත් ඉවර වෙනවනේ කියලා.එත් දැන් ඔක්කොම දැනගන්නවා මම මෙහෙම ආවා කියලා.
අපි පාර පැනලා පල්ලියට ගියා.විනාඩි 15 ක් විතර පල්ලියේ ඉදලා එලියට ආව ගමන් අනුක මගේ අතින් අල්ල ගත්තා.
ටීනා මාව තනි කරන්න එපා.මට ආදරේ කරන්න ටීනා.මම හැමදාම ඔයාව බලා ගන්නම්.මම හැදෙන්නම්.

ඔක්කොටම කලින් කියනවා ඇයි ඒක ඒක ඒවා බිව්වේ කියලා මගේ අත අතඇරලා..

මම අවුරුදු 21 ක් මගේ අම්මා තාත්තා නැතුව පිට තැන් වල හැදුනා.අඩුම තරමේ මට කියලා සහෝදරයෙක් නැහැ මට. මම අද මේ විදිහට වෙලා ඉන්නේ සමහර විට මගේ අසරණ කමට.එත් මගේ වැරදි වලට මම කිසි කෙනෙක් පළි කියලා කියන්නේ නැහැ..මාව උපද්දලා මගේ අම්මා රට ගියා.ඊට පස්සේ අවුරුදු තුනකට සැරයක් විතර ඇවිත් සතියක් මාව බලලා යනවා.මට අවුරුදු 10 විතර වෙද්දී තාත්තත් අපිව දාලා සදහටම ගියා.එයාලගේ ප්‍රශ්න නිසා මම ඒ කාලෙත් ගොඩක් තැලුනා ටීනා.
ඔයාලා එක්ක ඔයාලගේ ගෙදර ඉද්දි මටත් අලුත් ජිවිතයක් ගැන හිතුනා.ඒ ජිවිතේ ඔයා ලග තියනවා ...පවුලක ලස්සන මම ඔයාලගෙන් දැක්කා.මම පොරොන්දු වෙන්නම් මම සල්ලි කාරයෙක් නෙමෙයි එත් මම මේ තත්වෙන් ඔයාව කවදාවත් මගේ කර ගන්නේ නැහැ.කවදා හරි හැදිලා හොද මනුස්සයෙක් වෙලා ඇවිත් මම ඔයාගේ අම්මගෙන් අහන්නම්. දැන් මට ඔයාගේ ආදරේ විතරක් දෙන්න.

හරි. ඔයා හොඳ කෙනෙක් වෙන්න මම ඔයාට උදව් වෙන්නම්.ඔයාට හිනා වෙනවා හැම කෙනෙක්ම.ඒ අයට පේන්න ඔයා ලස්සනට ඉන්න අනුක. ඔයා දන්නවනේ අපේ අම්මල උනත් ඔයා දිහා බලන විදිහ.දැන් ඔයා ගිහින් බෙහෙත් ගන්න අනුක.ඔයාට හිටන් ඉන්නවත් පන නැහැ.මම දන්නවා ඔයා මට ආදරේ ඇති.නැත්නම් මේ පාන්දර ඔයා එයිද මාව බලන්න.ඒත් මේ තීරණේ මගේ ජීවිතේම වෙනස් කරයි.කමක් නැහැ.ඔයා හොඳ කෙනෙක් වෙනවනම් මම මගේ ජිවිතේ ඒ වෙනුවෙන් කැප කරනවා.
මම ඔයාට ආදරෙයි.
දැන් යමුද?