Thursday, May 3, 2012

සල්ලාල ඔහුගේ ගමන..


අද මම මෙතන ඉන්නේ මම කරපු කියපු දේවල් නිසා.මම ගොඩක් වැරදි කෙරුවා..ඒ වැරදි වලට අද මට පිළිතුරක් ලැබිලා..මම ජීවත් උන විදිහට සමහර විට මේ දඩුවම මට හොඳ වැඩි වෙන්න පුළුවන්.මොනවා උනත් ඒ හැම දෙයක්ම මම මෙතන හරි ගස්සනවා..ඒ වැරදි හදාගන්නවා..ඒ හැම දේම මෙතනම දාලයි මම ලෝකෙට එකතු වෙන්නේ..ලඟින්ම හිටිය යාලුවෝ මාව ඈත් කරලා..මගේ නෑදෑයෝ මන් නිසා ගොඩක් ලැජ්ජා උනා..මගේ බිරිඳ මන් වෙනුවෙන් ගොඩක් දුක් වින්දා අදත් එයා මන් නැති අඩුවෙන් දුක් විදිනවා..මම ආයේ කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ..මම මගේ උත්සාහයෙන් මගේ වැරදි හදන් අලුත් විදිහකට මගේ ජිවිතේ දිහා බලනවා.ලස්සනට ජීවත් වෙනවා.ලස්සන පවුලක් හදනවා.(දින 363 ක්)

(364 වන දිනය)
හෙට මම මෙතනින් නිදහස් වෙනවා..අරූ තවම එහෙ ඉන්නවද දන්නේ නැහැ..ගිය ගමන් ඌව හොයන මොනවා හරි කරන්න ඕනා.

පාරේදී හමුවන මුල්ම යහළුවාගෙන්
මේ අරුගේ නොම්මරේ තියනවද බන්?හවස සෙට් වෙමු ආ..කොහෙද බන් දැන් බඩු තියෙන්නේ ගන්න.අවුරුද්දක ටුවර් එකක්නේ..ඔක්කොම වෙනස් වෙලා වගේ බන්..

යාළුවා
ආයේ ඔවා කරන්න එපා බන්.දැන්වත් මනුස්සයෙක් වෙයන්.බලපන් උබේ මුනත් එලිය වැටිලා දැන්.ලස්සනට ඉදපන්කෝ..



පිස්සුද බන් දැන් ඉතින් ගෙදර වගේ තමයි මට.ඇතුලෙත් එකයි එලියෙත් එකයි.බයික් එකක් හොයා ගනින්.ගිහින් මොනවා හරි කරගෙන එමු.අතේ සල්ලිත් නැහැ.එපා වෙලා ඉන්නේ බන්.



බිරිඳ
ඔයා මට පොරොන්දු උනා හොඳ කෙනෙක් වෙනවා කියලා.ඇයි මේ?ආයෙත් ඇයි පරණ වලටම වැටෙන්න හදන්නේ?


ඇයි මට මොකද වෙලා තියෙන්නේ.උඹලට මාව පෙන්වන්න බැහැ.මට මොනාද කරන්න කියන්නේ.මම යනවා..ආයෙනම් මාව හොයන් එන්න එපා.මම අද ඉදලා මට ඕනා විදිහටයි ජීවත් වෙන්නේ.
(නිදහසට කියන මුල්ම හේතුව..බොරු ආරවුල්..අවසානයට අත වැනිම.)



නෑදෑයෝ
අපෝ අරූ ආයෙත් අපිට ලැජ්ජා කරනවා.හැදෙන එකෙක්නම් නෙමෙයි කවදාවත්ම.අනේ අපේ පවුලේත් ඉපදුනානේ මෙහෙම එකෙක්..

මාස දෙකකට පසු
වසර දෙකක සිරදඩුවම හා නැවත පසුතැවීම...

22 comments:

  1. කොචචර කලත් ඔච්චර තමයි..

    ReplyDelete
  2. බලු වල්ගේ ඇද අරින්නට බැරිය......

    ReplyDelete
  3. පසුතැවෙන්නේ ඒ වෙලාවට විතරයි.. ටිකකින් ඒක ආයෙම අමතකයි.. පුංච් පුංච් දේවල් වලදිත් අපි ඔහොමමනේ.. ආයෙම කරන්නේ නෑ කියලා හිතුවට පස්සේ අමතකයි..

    ReplyDelete
  4. ආයෙත් ලැජ්ජ නැතිව ඒකම කරයි..

    ReplyDelete
  5. පලවෙනි වතාවට විතරයි යන්න බය ඊට පස්සේ ඇතුලත් එකයි පිටත් එකයි කියන මතේට ඉබේ වැටෙනවා... දඬුවමට වඩා පුනුරුත්තාපනය වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කොහේ ගියත් දැන් ඒවා ඇතුලෙත් වෙන්නේ වැරදිම තමයි..හිත තියන එක්කෙනා හැදෙනවා.

      Delete
  6. (අ) මතක රෝදය... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්..පුදුම රෝදයක් තමයි මේ ජිවිතත්..

      Delete
  7. හ්ම්ම්ම්.... අනේ අම්මප ලැජ්ජා නෑනේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අනු..ඒ නහරේ නහයිලුනේ..හික්.

      Delete
  8. වැඩියක්ම තැන් වල වෙන්නෙ ඕක තමා.

    ReplyDelete
    Replies
    1. හිත ඇත්නම් මොකක්ද ඒක කුඩාලුද කියනවනේ..

      Delete
  9. සිරගත වෙන කෙනෙක්ගේ චෛතසිකය වෙනස් වෙන හැටි අමුතුයි.ඒක තේරුම් ගන්න ඇතුළට යන්නම වෙනවා.සමහරවිට කළු රෙදිවලින් වැහිලා තියෙන්නේ හොඳ හදවතක් වෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඔව්..ඇත්ත..එත් හොද හදවතක් තියනවනම් එකම වැරැද්ද දිගටම වෙන්නේ නෑ මම හිතන්නේ.තව කෙනෙක්ගේ දුක් මහන්සි වෙලා හම්බ කරන දෙයක් නැති කරලා තමන්ගේ සතුට හොයනවා කියන්නේ හොද හදවතක් තියනවා කියලා හිතන්න අමාරුයි.එත් ඔබේ කමෙන්ටුවට මම එකයි.

      Delete
  10. ලැජ්ජ නැතිකම..

    ReplyDelete
    Replies
    1. තරිඳු වගේ වෙන්ටෑ.

      Delete
  11. අදමයි අවේ ලස්සනයි අයෙමත් එන්නම්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..මටත් සතුටක්..ස්තුතියි..

      Delete

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..