Tuesday, March 20, 2012

ආදරයක හමුවීම 3

පලමු කොටස බැලුවද ඔයා...නැත්නම් ඒක බලන්න මුලින්..මේ තියෙන්නේ ඒක.
දෙවෙනි කොටසත් බලන්නකෝ දැන්... මේ තියෙන්නේ ඒක.(2)

තවත් එක දවසක්‌ අනුකයි මමයි ආච්චියි scooby doo බල බල හිටියා.අනුක සෙටියේ,ආච්චිත් එයා එක්‌කම මම එයාලගෙ ඉස්‌සරහින් තිබුන පුටුවේ.
මම එදා ටිකක්‌ අසනීපෙන් හිටියේ.ඔහොම ඉද්දි අනුක කිව්වා ආච්චි වතුර එකක්‌ බොමුද ටීනාට අමාරුයිනේ ගේන්න යන්න.ආච්චිට ගේන්න පුලුවන්ද කියලා.

හ්ම්..ඉන්න.අරන් එන්නම්.ආච්චි ගියා වතුර ගේන්න.

අපි ටීවි එක බලන් ඉන්නවා.

එකපාරටම අනුක ටීවී එක බලාගෙනම ටීනා මම ඔයාට ආදරෙයි කියලා කිව්වා.

මම අනුකගේ මූණ දිහා බැලුවා.බැලුවා නෙමෙයි බැලුනා.මට හිතුනා කිව්ව වෙන දෙයක්‌ මට වැරදිලා එහෙම ටීවී එකේ සද්දෙත් එක්‌ක ඇහුනද කියලා.

ඔව්.මම ඇත්ත කියන්නේ.අනුක මන් දිහා බලාගෙනම ඉන්නවා.

අනේ මේ යන්න අනුක.ආණ්‌ඩුව පෙරලුනා වගේද මේකත්.
මෝඩ joke එපා හරිද.

නැහැ.නැහැ ඇත්තටම.

අනේ මේ පිස්‌සුවත් හැදීගෙන එනවද ඔයාට.මටනම් බැහැ.මේ මොකක්‌ද මේ වෙන්න යන්නේ.ඇගම හිරි වැටිලා යන බයක්‌ දැනුනත් ඒක මට එච්චර දැනුනේ නැහැ කියලා පෙන්වන්නයි මට එයා ගැන තියෙන්නේ සහොදර කමක්‌ නැත්නම් හොදම යාලුකමක්‌ විතරයි කියලා මම එයාට දැනෙන විදියට උන්නා.

හරි ඔයා තව හිතන්නකෝ..

අනුක කට වහගන්න අනේ.ආච්චිත් ඉන්නවා.ආච්චිත් වතුර එක අරන් ආවා.
ආ පුතේ...

අනේ ආච්චියේ මට cool වතුර එකක්‌ ඉල්ලුවේ.

එයා එහෙම කිව්වේ ඉස්‌සර මගෙ ප්‍රශ්න වලින් බේරෙන්න මාව මග ඇරියා වගේ ආච්චිවත් යවා ගන්නයි කියලා දැනුන නිසා මම කිව්වා කෝ ඕක දෙන්න ආච්චියේ මම ගේන්නම් කියලා.

ඔයා ඉන්න මම ගන්නම්.මම ටික දුරක්‌ ගියාටත් පස්‌සේ අනුක එහෙම කියාගෙන ආවා මගේ පස්‌සෙන්.

අනේ අනුක මේ මට හිතන්න දෙයක්‌ නැහැ.මටනම් බැහැ.

අනුක මගේ අතින් ඇල්ලුවා.
හරි මම යනවා.මම ආදරෙයි ඔයාට.එහෙම කිව්ව එයා එකපාරටම ගියා යන්න.මට වචනයක්‌වත් කියන්න තියා හිතන්නවත් අවස්‌තාවක්‌ නොදී එයා ගියා.මමත් බලන් හිටියා ඒ දිහා.දැන් මොනවා වෙයිද ඊලගට කියලා.

මම හිතුවා ආයේ අනුක අපේ ගෙදර එන එකක්‌ නැහැ ඕනනම් ඕක කියව කියව මට මැසේජ් කරයි කියලා.ඒත් එයා වෙනදා වගේම එනවා.කිසි වෙනසක්‌ නැතුවම.ඒ එන හැම වෙලාවකම මම ඔයාට ආදරෙයි කියලත් කිව්වා.ඒ උනත් මම දැන් ඉස්‌සර වගේ වැඩිය විහිලුවට යන්නෙත් නැහැ..
අපි ටීවී බලනවා කිසිම කතාවක්‌ නැතුවම.

ඒත් මේක මගෙ හිතට පුදුම විදියට වදයක්‌ උනා.මනුස්‌සයෙක්‌ට බැනලා ඒ මනුස්‌සයගේ හිත රිද්දන්න මට පුලුවන් කමකුත් නැහැ.එහෙම කියලා එයාට කැමතියි කියලා කියන්නත් බැහැ.හිත හදන්න එහෙම කිව්වත් ඒක ප්‍රශ්නයක්‌ වෙනවා කවදම හරි.

අනුකගෙයි මගෙයි නොගැලපීම් ගොඩක්‌ තිබුනා.ඒ දේවල් යාලුවෙක්‌ විදියට ඉන්නවනම් මට අදාල නොවුනත් ආදරය කරනවානම් මට මගෙ ජීවිතේ ඇපයකට තියනවා හා සමාන වෙනවා.එයා ගත කරන ජීවිතේ අමුතුම එකක්‌.නොදැන ඒ වගේ කෙනෙක්‌ට ආදරේ කෙරුවත්  එයාගෙ හැම දෙයක්‌ම දැනගෙන මට හිත හදන් එයාට ආදරය කරන එක ඇත්තටම ගොඩක්‌ අමාරු දෙයක්‌.මොකද කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ගෙන් බලාපොරොත්තු වෙනවා දෙයක්‌.කෙල්ලෙකුත් කොල්ලෙක්‌ගෙන් යම් දුරකට හරි දෙයක්‌ බලා පොරොත්තු වෙනවනේ.කෙටියෙන්ම කියනවානම් අනුක කියන්නේ හොද හිතක්‌ තියන ඒත් කරන්න පුලුවන් හැමදෙයක්‌ම කෙරුව කෙනෙක්‌.එක වැරැද්දක්‌ නෙමෙයි කරන්න පුලුවන් හැම දේම කෙරුව කෙනෙක්‌.

එක දවසක්‌ එයා ඇඩුවා..
මම බොරු නෙමෙයි ටීනා කරන්නේ මාව විශ්වාස කරන්නකෝ.මටත් ඔයා ඔයාගෙ අයියට දෙන ආදරේ දෙන්න ටීනා.ප්ලීස්‌..
ඔයා අයියට ආදරේ කරනවා දකිද්දි ඔයාලා සතුටෙන් හිනා වෙනවා දකිද්දි ඊරිසියයි..
ඒ ආදරේ තමයි මම හොයන්නේ..හොය හොය හිටියේ.අනේ මටත් ඒ ආදරේ දෙන්නකෝ..මට මනුස්‌සයෙක්‌ වෙන්න ඕනා ටීනා..
මට හැදෙන්න ඕනා..
ඔයාට ඒ දේ කරන්න පුලුවන් කියලා මම දන්නවා.
අනේ මාව මෙච්චර අසරණ කරන්න එපා කෙල්ලෙක්‌ ඉස්‌සරහ මම ***** වෙන්න කැමති නැහැ.ඒත් ඔයාව ඔනා නිසයි කියන්නේ මම මෙච්චර.
අනුක පොඩි දරුවෙක්‌ වගේ අඩ අඩා මගේ ආදරය ඉල්ලනවා.ඒ කඳුලු ඇත්තටමයි.මූණ රතුම රතු වෙලා.මගේ පපුවට පිහියකින් අනිනවා වගේ ඒ දේවල් ඇහෙද්දි.ඒත් හිත හදන් මට එයාට කැමතියි කියන්න බැහැ.අනික මම එයා එක්‌ක පිස්‌සු වැඩ කර කර හිටපු විදියට ආදරේ කරන දෙන්නෙක්‌ වගේ අපිට හැසිරෙන්නත් බැහැ.

දරාගන්න බැරි තරම් දුකක්‌ ආවත් මම ඒක හංගාගෙන අනේ බැහැ අනුක,ඔයා අයියගේ යාලුවා.එයා මරයි මාව.එයා මට කියලා තියෙන්නේ එයාගෙ යාලුවොත් එක්‌ක යාලු උනොත් මගෙ කකුල් දෙක කඩනවා කියලා.ඔයත් ඒක හොදටම දන්නවා.ඔයා ඉද්දිත් ඒක කියනවා නේද අනුක එයා.අනික ගෙදර අයට විශ්වාස නිසයි නැන්දලා උනත් මාව මෙහෙ එවන්නේ.අනික අපි මෙහෙම තිරනයක්‌ ගන්නෙ නැහැ කියලා ඒ අය අපිව විශ්වාස කරනවා.ඔයත් හොදටම දන්නවා අපේ පවුල් වල උනත් නොගැලපීම.ඒ දේවල් දැනගෙන අපි ලන් උනොත් අන්තිමට ඊට වඩා දුක්‌ වෙන්න වේවි.

හරි ඒත් එයාලා තරහ ගන්න ඕනා මම ඔයාව රවට්‌ටනවනම්නෙ..මම එහෙම කරනවනම් මාව මරපුදෙන්..මට එහෙම කරන්න කෙල්ලො ඕනනම් කෙල්ලෙක්‌ ඉස්‌සරහ මෙහෙම අඩන්න ඕන නැහැ.ඒක ඔයත් හොදටම දන්නවා.

ඇත්තටම අනුක කියන්නේ ගොඩක්‌ ලස්‌සන කොල්ලෙක්‌.ඇදුමක්‌ ඇන්දත් ඒක ලස්‌සනට පිලිවලට අඳිනවා.මමනම් ආස එයා ඩෙනිම ඇදලා අත් දිග ශර්ට්‌ එකේ අත වැලමිට ගාවට නවලා අදිනවටයි.එතකොටනම් එයා මාරම ලස්‌සනයි..එයා ගැන දන්නෙ නැති ඕනම කෙල්ලෙක්‌ එයාගෙ ලස්‌සනට අනිවාර්යෙන්ම කැමති වෙනවා.එහෙම කෙල්ලෙක්‌ දුන්න ලිව්මකුත් අනුක මට දවසක්‌ පෙන්නුවා මතකයි..ඇති ඇති අනුකගෙ ලස්‌සන.දැන් ආයෙ කතාව කියන්නම්කො.

එතින් අනුක අරහෙම කිව්වම මම කියලා මොනවා කියන්නද..මම කිව්වේ අනේ මන්දා අනුක කියලයි..
දැන්නම් මට මේක මාර ප්‍රශ්නයක්‌..ඉවරවෙයි මග ඇරෙයි කියලා හිතුවට එන්න එන්නම අනුක ලන්වෙන්නම හදනවා.

මමත් ඉතින් රහත් වෙලායැ..වැරදි මතක්‌ වෙද්දි පිලිකුලක්‌ ඇති උනත් මම මෙච්චර කල් ඒ දේ පෙන්නුවෙත් නැහැ.එහෙම කරන්නත් බැහැ මට.ඒත් මෙච්චර බලාපොරොත්තු ඇති කරවන විදියට කතා කරද්දි අනේ දෙවියනේ මගේ හිත දෙපැත්තට වැනෙනවා.අනුක කියන දේවල්,අයියට කරනවා වගේ ආදරේ මටත් දෙන්න කියපු හැටි මට මැවි මැවී පේනවා.ඒත් ඉතින් නොගැලපීම් ඊට වඩා ඉස්‌සරහින් ඉන්නවා...ඔය දේවල් ගැන ඔහොම ඇදට වෙලා හිත හිත ඉද්දි හැමදාම වගේ දන්නෙම නැතුව මට නින්ද ගිහින්....

මේ කතාව ඊළග පෝස්‌ට්‌ එකෙන්නම් ඉවර කරනවාමයි.එතකන් මේක කියවපු ඔයාලට ස්‌තූතියි.

Wednesday, March 14, 2012

ආදරයක හමුවීම 2

පලමු කොටස බැලුවද ඔයා...නැත්නම් ඒක බලන්න මුලින්..මේ තියෙන්නේ ඒක.

ම්ම්හ්..නිදාගන්න තියනවනම් මට ඉතින් වෙන මොනවද..ඔන්න ටික ටික අනුකව හොයපු එකත් මට මග ඇරුනා.එයා එද්දි මම නැහැ.මම එද්දි එයා නැහැ.දවසක්‌ මම cource එකට යද්දී අයියගේ තව යාලුවෙක් එකපාරටම කිව්වා‌ ආ මට ඊයේ රෑ carnival එකේදී අනුකයාව හම්බ උනා.මම කිව්වා ඔයා මතක්‌ කෙරුවා කියලා.
ඇයි මෝඩයෝ මතක්‌ කරා කියලද කියන්න කිව්වෙ මම කිව්වේ එන්න කියන්න කියලනේ කියලා කියන්න කටට ආවත් මේ කොල්ලට මම එහෙම හරි කිව්වා කියලවත් මතක්‌ වෙලා නිසා මම හිනා වෙලා ආ මොනවද කිව්වේ එයා??කියලා ඇහැව්වා.

"උන් දෙන්නව බලන්න මම ගියා.හිටියේ නැහැ" කියලා කිව්වේ.

ම්ම් ඔව් අනේ එයා එද්දි අපි ගෙදර හිටියේ නැහැ.ආයේ හම්බ උනොත් කියන්නකෝ.මේ මට වෙලා ගියා.එහෙනම් මම යනවා අයියේ.

මෙ මේ ඒක නෙවෙයි අර ඉරේශා කෝ..මම මේ වෙලාගිහින් ඉද්දි මෙයා මේ විකාර කියවනවා.

ආ එයාට කොල්ලෙක්‌ ඉන්නවා අනේ දැන්.මම බොරුවට එහෙම කියලා එතනින් ගියා.

හරි නංගි එහෙනම් මාත් යනවා.එයා කියද්දිත් මම මගක්‌ දුර ගිහින්.

පහුවදා මම පොතක්‌ ගන්න කඩේට ගියා.ඕහ්..මෙන්න බොලේ තරංග අයියයි අනුකයි තව යාලුවෝ කට්‌ටියක්‌ එක්‌ක පාරෙ කතාවක්‌.හිතන්නෙවත් නැති වෙලාවක අමතක වෙලා හිටපු එයාව දැක්‌කම ආසාවක්‌ ආවත් මම බොරු තරහක්‌ මවාගෙන එයා ළඟින් ගියා.හරියට දැක්‌කේ නැහැ වගේ.

අනුක මගේ නම කියලා ම්ම් අපි හිතමුකෝ මගේ නම ටීනා කියලා කතා කෙරුවා.

ටීනා..ටීනා...මොකද දැක්‌කෙ නැහැ වගේ යන්නේ.

මම??නැහැ..ඔයාලා ලොකු මිනිස්‌සුනේ අනුක අපිට දැඔ ඔයාලව පේන්නෙත් නැහැ ඔයාලට අපිව පේන්නෙත් නැහැ.

පිස්‌සි.මේ එහෙ එන ගමන් තමයි.

හා...නේ..ඇත්තට.හොදයිනේ.

බොරු නෙමෙයි එද්දි මේ යාලුවො වගයක්‌ හම්බ උනා..මම ටිකක්‌ උන් එක්‌ක ඉදලා එන්නම් ඔයා යන්න.

හ්ම්..හ්ම්..මම යනවා.

ඔය කිව්වට මම හිතුවේ නැහැ අනුක එයි කියලා.මම ගෙදර ගිහින් මගෙ යාලුවෙක්‌ට කෝල් එකක්‌ ගත්තා කම්මැලි කමට පොඩ්ඩක්‌ අවුස්‌සන්න.මම මිදුලට වෙලා කියව  කියව ඉද්දි අනුකයි තරංග අයියයි ආව නිසා මම මම ෆෝන් එක තියලා ඒ දෙන්නා එක්‌ක කතා කරන්න ගියා.

අනුක කරාබුත් දාගෙන බෙල්ලේ දම්වැල් වගයකුත් දාගෙන මුදුත් දාගෙන හරියට නිකන් මොකෙක්‌ද වගේ.මම බැන බැන ඔක්‌කොම ගලව ගත්තා.මොකද අනුක මේ.බලනවකො හැටි.ලස්‌සනට ඉන්නවකෝ.බැන බැනම මම ආයෙත් බලන්න ආවෙ නැති එකත් අල්ලගෙන ලොකු මිනිස්‌සුන්ට අපිව මතකත් නැහැනේ තරංග අයියේ කියලා අනුකට දැනෙන්න කිව්වා.

අනේ මේ යනවා යන්න මම ඔයාව බලන්න ආවා කතා කෙරුවා කතා කෙරුවා ඔයා නිකමටවත් ආවද එළියට.

ඉතින් අයියගේ නම කියලා කෑ ගහද්දි මම දන්නවද කව්ද කියලා.මම හිතුවේ වෙන කොල්ලෙක්‌ කියලයි.

අයියා නැහැ කියලා මම දන්නවා.මම ආවේ ඔයාව බලන්න.ඔයාගේ නම කියලා කෑ ගහන්න පුලුවන්ද පාරෙ ඉදගෙන.ඒකයි බොරුවට අයියට කතා කෙරුවේ නංගි එයි කියලා.

ම්ම්..මාව බලන්න??

ඔව්.කොහෙද ඔයාලට අපිව මතක නැහැනේ නැද්ද තරංගයා..

අනේ මන්දා අපි නැහැ ඕවට.සැටියේ වාඩිවෙලා හිටපු අපේ රන්ඩුව බල බලා උන්න තරංග අයියා එහෙම කිව්වේ උඹලා දෙන්නටම පිස්‌සු කියන්න වගේ.

මේ මේ ඒක නෙමෙයි කාත් එක්‌කද අර අපි එද්දි මල් කඩ කඩ හිටියෙ මිදුලට වෙලා?ඒ අනුක..

ආ මට මේ කොල්ලෙක්‌ සෙට්‌ උනානේ.මේ ඉන්නේ එයා තමයි.මම මගෙ යාලුවගේ ෆොටෝ එකක්‌ පෙන්වන ගමන් අනුකට කිව්වා.

ඊ...හැටි විතරක්‌ නාකියගේ.බලනවකෝ හැටි මුගේ.පිස්‌සුද?

අනේ මේ යනවා යන්න.එයා ලස්‌සනයි.

හ්ම්..හ්ම්..අපිට මොකද.

ඒකනේ..මේ ඒක නෙවෙයි කොහෙද ඇත්තටම අතුරුදහන් වෙලා හිටියේ.

අම්මා මාව හොස්‌ටල් එකකට දැම්මනේ.

බොරු එපා.අම්ම කිව්වනේ මට ඔයා මහම්මලගේ ගෙදර කියලා.

ඔව්.බොරුවට කියන්න ඇති.මම මේ පැනලා ආවෙත්.එපා වෙනවා ඒකෙ ඉන්න ගිහාම.මේ එහෙමනම් මම යනවා ටීනා.තරංගයට වෙලා යනවා.

නැහැ.නැහැ.මට අවුලක්‌ නැහැ.උඹලා කතා කරපන්.

කමක්‌ නැහැ.මෙයාටයි වෙලා යන්නෙ.යනවා යන්න.එන්න එපා ආයේ මම කිව්වේ තරහින්.

හරි හරි මම හෙට දවල් එනවා කොහොමත් ආයේ.අයියා හොඳින්ද?ඌට කතා කරන්න ඕනා.හෙට දවල්ට එන්නම්.කතා කරමු අයියට.ආ මේ අරූ එක්‌ක කතා කරන එක නවත්තනවා හරිද.ඒ කිව්වේ මම ෆොටෝ එක පෙන්නුව කෙනා ගැනයි.එහෙම කියලා අනුකලා ගියා.

දැන් අනුක හැමදාම හවසට අපේ ගෙදර එනවා.මටත් පුරුදු වෙලා දැන් 4 වෙද්දි බලන් ඉන්නේ එයා එනකල්.ඇවිත් ඉතින් පිස්‌සු කතා කියවලා යනවා.මටත් කම්මැලි කමට හොදයි කියව කියව ඉන්න.කොච්චර කියෙව්වත් ගිහින් ආයේ රෑ වෙනකල්ම අපි මැසේජ් කරනවා.ඉස්‌සර හොරා වගේ ආව මාව මග ඇරපු කොල්ල නේද මේ මෙච්චර ෆිට්‌ වෙලා ඉන්නෙ දැන්.මට එහෙමත් හිතෙනවා.

එක දවසක්‌ එයා මට මෙහෙම මැසේජ් එකක්‌ එව්වා.
ටීනා මම මේක ඔයාට කියන්න හිටියේ.
ඒත් ඒකට අවස්‌තාවක්‌ ඔයා දුන්නේ නැහැ මට.
ඔයාගේ අයියා නිසා මට ඒක ඔයාට කියන්නත් බැහැ.
ඒත් මේ තීරනේ මම ගොඩක්‌ හිතලා හිතලා ගත්තේ.
අදනම් කියනවමයි.
තවත් මේක හිතේ තියන් ඉන්න බැහැ මට.
ඔයා මොන දේ හිතුවත් මට හිතෙන්නෙම මෙදා සැරේනම් ආණ්‌ඩුව පෙරලෙයි වගේ.කියලා.

මේ අනුකයටනම් මොලේ හොඳ නැහැ.මම හිතුවේ අපේ යාලුකමට තිත තියන වැඩක්‌ වෙන්න යන්නෙ කියලා.
ඒත් ඉතින් මමත් ඒක විහිලුවට අරන් මෙහෙම රිප්ලයි කෙරුවා.
මමත් මේ කියන්න හිටියේ අනුක ඔයාට.
මමනම් ඒත් හිතන්නේ
ආණ්‌ඩුව පෙරලෙන එකක්‌ නැහැ.

ඒත් එක්‌කම අනුක මට කෝල් එකක්‌ ගත්තා.

හු හූ බය උනා නේද?

අනේ මන් මොනවට බය වෙන්නද.ඔයාට පිස්‌සු කියලා මම දන්නවනේ අනුක.

හ්ම්..කෑවද..

මේ පාන්දර කෑවද කියලා අහන්නෙ මේ කොල්ලට පිස්‌සුද මන්දා කියල හිතුනත් ඒක නොකියා මම නිදා ගන්නවා අනුක කිව්වා.

හා.මම හෙට එන්නම්.ජේසු පිහිටයි..

ඔයාටත් ජේසු පිහිටයි.

හැමදාම එනවා දැන් අනුක.මම පෑන් කේක්‌ කන්න ආසයි කියලා කිව්ව නිසා හැමදාම ඒවත් අරගෙනමයි එන්නේ.දැන්නම් කාලා කාලා අප්පිරියා වෙලා.ඒත් කනවා.

අපේ ආච්චිට දැන් මේක හෙන ප්‍රශ්නේ.ඉස්‌සර මට පෙන්වන්න බැරුව හිටපු අනුක එක්‌ක මම හිනා වෙවී පිස්‌සු නටන එකයි මගේ ප්‍රශ්න වලින් බේරෙන්න හැංගි හැංගි මන් දිහා බලපු අනුක දැන් හැමවෙලේම අපේ අයියත් නැතුව ගෙදරට එන එකයි.ඒ නිසාම අනුක ආව වෙලේ ඉදන් ආච්චි මගේ පස්‌සෙන්මයි.

අපි වෙලාවකට ආච්ච්ව අවුස්‌සන්න හිතන් හැංගෙනවා.ආච්චි හරියට පැය ගානක්‌ අතුරුදහන් උනා වගේ කෑ ගගහා අපිව හොයනවා.අපිට හොඳටම හිනා.
අනුක වෙලාවකට කිසිම හැගීමක්‌ නැතුව බලන් ඉද්දි මට වෙලාවකට හිතෙනවා අපි දෙන්නා ලන් වෙලා වැඩිද කියලා.ඒත් ඒක මම ගණන් ගත්තේ නැහැ.එයා මට යාලුවෙක්‌ විතරයි.අනික එයා වෙන කෙල්ලො ගැන කියවයිද එහෙම හිතනවනම්.එහෙම වැරදිලවත් වෙන්නත් එපා.

Sunday, March 11, 2012

ආදරයක හමුවීම 1

ඔන්න මේකේ තියන නම් ගම් බොරු.ඒත් මේක ඇත්තම ආදර කතාවක්‌ පටන් ගත්තු විදිහක්‌ තියෙන්නේ.හැබැයි ලියන්න ලේසි වෙන්න මේ කතාව මම මගේ කර ගත්තට මේක මගෙ යාලුවෙක්‌ගේ කතාවක්‌.


ම්ම්...ඒකනම් ලස්‌සනම කාලයක්‌.විභාගෙත් ඉවරයි..පුදුම නිදහසක්‌ දැනෙන්නේ.ඒත් ඉතින් කරන්න දේකුත් නැහැ.දවල් වෙනකල්ම නිදි තමයි.කම්මැලිකම යන්නත් එක්‌ක මම cource එකක්‌ කරන්න පටන් ගත්තා.ඒක අවුරුද්දක courceඑකක්‌.

ඒත් ඉතින් ඇතුල් වෙද්දිම මාස දෙකකුත් පහු වෙලා.අකමැත්තෙන් උනත් මගෙ result හොදයි කියලා මාව අරගත්තා.හෙට ඉදන් එන්නත් කිව්වා.මමත් දැන් ඉතින් ආසාවෙන් හෙට වෙනකල් බලන් හිටියා.ඔන්න ඉතින් හෙට දවසත් උදා උනා.ඒත් ඒ වෙලාවෙනම් හිතුනා යාලුවෙක්‌වත් නැතුව ඉන්න ගිහාම එපා වෙයි කියලත්.මොනා කරන්නද..නවතින්නත් බැහැනේ දැන්.මම ගියා..

අප්පේ ගිය වෙලේ ඉදන් ප්‍රශ්න ගොඩයි.එක එක්‌කෙනා ඇවිත් අහනවා school ගියේ කොහෙද.age එක කීයද?homeඑක කොහෙද..හි හී කට්‌ටියගේ මාර ඇඩ් එකක්‌ තිබුනෙ.හිනා වෙනවයි.ඔයා කොහොමද මේකට ආවේ.දැන් කාවවත් ගන්නේ නැහැනේ.ඔය වගේ එක එක දේවල්.මට දැන් මාර ලැජ්ජාව.අහන ඒවට උත්තර දීලා බිම බලන් හිටියා.
ඒ cource එකටම හිටියේ පිරිමි ළමයි දෙන්නයි.වදයක්‌ නොවි හිටියනම් ඒ ඒ දෙන්නා විතරමයි.

එදා මම ඇදන් ගිය විදියත් ඒකට හේතුවක්‌ වෙන්න ඇති.කොට සුදු සායයි නිල් පාට blouse එකයි.ගෙදර අය දන්නවයැ cource වලට කෙල්ලෝ එන විදිය ගැන.මුල්ම දවස නිසා චාම් එකට යන්න කිව්ව නිසා මමත් එහෙම ගියා ගොඩයෙක්‌ වගේ.දැන් ඉතින් මොනා කරන්නද..

ඔන්න ටික වෙලාවකින් ක්‌ලාස් එක පටන් ගත්තා.උදෙන්ම ආවේ ඉංග්‍රිසි සර්..එයත් ආව ගමන් ඉංග්‍රිසියෙන් ප්‍රශ්න ගොඩක්‌ අහන්න ගත්තා.ටිකක්‌ වෙව්ලන්නත් ගත්තා.ඒත් ඉතින් උත්තර ටික ගැටගහගත්තා.සර් කිව්වා ශා හොඳටම හොඳයිනේ කියලා.මට තනියම හිනා.පොඩිකාලේ ඉදන් විභාගේ ගන්නකල්ම my self රචනා ලිව්ව නිසා හොඳට ගියා.ඊට පස්‌සෙ ළමයිනුත් ටික ටික මට ලන් උනා.අපි දැන් කන්නෙ බොන්නෙ ඔක්‌කොම එකට.

ඒත් තවත් ටිකක්‌ ලගින්ම ඉන්නත් වෙනම යාලුවො තුන්දෙනෙක්‌ හම්බවුනා.මමයි හතරයි.දැන් නිවාඩු දවස්‌ වල එයාලා අපේ ගෙදර එනවා.මම එයාලගෙ ගෙවල් වල යනවා.එයාලා ටිකක් ‌දුර ඉන්නේ.එක්‌කෙනෙක්‌ ජා-ඇල,එක්‌කෙනෙක්‌ කටුනායක,එක්‌කෙනෙක්‌ ගම්පහ.ඉතින් දුර නිසා අපි ඔක්‌කොටම ඉක්‌මනින් හම්බවෙන්න පුලුවන් ලඟ තැන් වලත් හම්බවුනා.ගෙවල් වල යන්නේ නැති දවස්‌ වලට එයාලගෙ යාලු වෙලා ඉන්න අයියලත් ආවා අපිත් එක්‌ක.කටුනායක එක්‌කෙනයි මමයිනම් තනියම.මොනා කෙරුවත් අපි theory කාලේ ක්‌ලාස්‌ නම් කට්‌ කෙරුවෙ නැහැ.ඒත් ඉතින් ටික කාලෙකින් අපිට practicle වලට යන්න උනා.ටිකක්‌ ඈත් උනත් අපි පුලුවන් වෙලාවල් වලට හම්බ උනා.අර අයියලත්.ඔය කාලේ ඉතින් මටත් හිතුනා මටත් කොල්ලෙක්‌ හිටියනම් කියලා.අනිත් ක්‌ලාස්‌ එකේ පිරිමි ළමයෙක්‌නම් පස්‌සෙන් ආවා.ඒත් මම ආස නැහැ.එයා කෙල්ලො එක්‌ක දගලනවා වැඩියි.මම කැමති උනේ ටිකක්‌ ආඩම්බර කොල්ලෙක්‌ට.ඔය කාලේ අයියගේ යාලුවොත් ගෙදර එනවා.ඒත් ඒවා හරියන්නේ නැහැ අයියත් එක්‌ක.

අපිට ලොකු ගෙයක්‌ තිබුනට මම හිටියේ නැන්දලාගේ ගෙදර.ඒ කියන්නේ එහා ගෙදර.අපේ ගෙදර හිටියේ අයියයි ආච්චියි.මමත් ඉතින් දවල්ට අපේ ගෙදරම තමයි.නිදා ගන්න අහරේ යනවා.

අයියගේ යාලුවො මගෙත් යාලුවො වගේ.සමහර අය සහෝදරයො වගේ.අනුක කියන්නේ අයියගෙ හොඳම යාලුවා. ඒත් එයාගෙ විකාර hair style නිසාම මට එයාව පේන්න බැහැ.එයාට අපි නමකුත් දැම්මා අන්නාසි මල කියලා.එයානම් ඒක දන්නෙ නැහැ.මමත් අර ක්‌ලාස්‌ එකේ වගේ අනුක ආව වෙලේ ඉදන්ම ප්‍රශ්න අහනවා.ඔයා මොනවා කරන කෙනෙක්‌ද, ගෙවල් කොහෙද ඔය වගේ මට ඕන්නැති දේවල්.ඒත් එහෙම හොයන්නේ අයියා යන එන තැන් දැනගන්නත් එක්‌ක.ඒක නිසාමද කොහෙද අනුක පස්‌සෙ පස්‌සෙ ගෙදර එද්දි හැමදාම මිදුලෙදිම කියාගෙන එන්නේ නංගි වතුර එකක්‌ දෙනවද කියලා.ගොඩක්‌ වෙලාවට වතුර දුන්නම ආයේ කියනවා අනේ cool වතුර එකක්‌ ඕනා කියලා.මම ඉතින් ආයේ යනවා.හැමදාම එකම එක කියන නිසා මමත් අනුකව දකිද්දීම කියනවා මේ අදනම් ඔයා ගිහින් වතුර බී ගන්න කියලා.පස්‌සෙනම් කිව්වා ඉතින් වතුර ඉල්ලන්නේ මගෙ ප්‍රශ්න වලින් බේරෙන්නයි එයාට හිතෙන දේවල් මග අරින්නයි කියලා.

ඉතින් ඔහොම ඔහොම ටික කාලයක්‌ යද්දි අයියා තනියම නිසා අනුකව අපේ ගෙදර නතරකර ගත්තා.මමත් නැන්දා ලඟනේ.

ගෙදර කෑම හදන්නේ ආච්ච්.මමත් එයාට උදව්වට එනවා දවල්ට.අනුක ගෙදර ඉන්නවනම් එයත් අපිට උදව් වෙනවා.අයියානම ආවොත් වැඩ වැඩි කරලයි යන්නෙ.ඕන් දැන් දෙන්නම ජොබ් එකකටත් යනවා.මහංසි වෙන කොල්ලෝ දෙන්නනේ කියලා අපිත් ඉතින් දැන් වැඩිපුරත් සලකනවා.මම දවසක්‌ ආච්චිට උදව් වෙලා නැන්දලගෙ ගෙදර යන්න ගියා.ගෙදරින් එලියට යන්න දොරවල් 3ක්‌ තියනවා.මම ඉතින් ලගම දොරෙන් ඒ කියන්නේ අයියගේ කාමරේ ළඟ දොරෙන් යන්න ගියා.ළඟින් ගියාට මම ඒක ඇතුලට යන්නෙම නැහැ.
ඒ වෙලාවෙ අයියා බාත් රූම් එකේ.ඔක්‌කෝටම යනවා කියාගෙන එතනින් යද්දිම අනුක මොනව හරි දෙයක්‌ මාව දැකලා එක පාරටම පිටිපස්‌සට කරලා හංගගෙන හිනා උනා.මමනම් දැක්‌කා මොකක්‌ද කියලා.ඒත් දන්නෙ නැහැ වගේ මොනාද ආ ඒ හංග ගත්තේ.බලමු.බලමු.
මම එහෙම කියද්දි මොකුත් නැහැ අනේ කියලා අනුක කිව්වා.මමත් ගියා දැන් කාමරේ ඇතුලටම.මම හිතන්නේ අවුරුදු දෙකකට විතර පස්‌සේ ගියේ.
මොකුත් නැත්නම් හැංගුවේ??

නැහැ..නැහැ...මේ මේ සිගරට්‌ එකක්‌...

ආ ඇත්තට..හොදයිනේ..

හරි හරි බොන්නේ නැහැ.

එහෙම කියද්දි මම අනුකට අතට හරි කකුලට හරි පාරවල් දෙක තුනක්‌ ගහලා බැන බැනම යන්න ගියා.අනුකටනම් හිනා.එහෙම කෙරුවෙ අනුකත් දැන් මට මගේම කෙනෙක්‌ වගේ අපේ ගෙදරම අපිත් එක්‌ක එකටම ඉන්න නිසයි.මම හිතන්නේ අනුකටත් එහෙම හිතෙන්න ඇති.

ටික කාලෙකින් අනුකගේ අම්මා රට ඉදලා ආවා කියලා එයා ගෙදර ගියා අම්මා එක්‌ක ඉන්න.එයාලා හිටියේ ලොකු අම්මා ගාවලු.මමනම් දැකලවත් තිබුනේ නැහැ.අයියයි අනුකයි තමයි කියන්නේ.ගියා ගියාමයි සද්දයක්‌වත් නැති නිසා මම දවසක්‌‌ අනුකගේ අම්මට කෝල් කෙරුවා.ඒකත් අහම්බෙන් හම්බ උනේ.ඒ ආන්ටිම මට දවසක්‌ කතා කරලා අනුක අපේ ගෙදරද කියලා ඇහැව්වා.ඉතින් මම ඒ නම්බර් එකට ගත්තා.ඒ වෙලාවෙ අනුකගේ අම්මනම් කිව්වේ එයා ඇවිද ඇවිද ඉන්න නිසා එයාව එයාගෙම මහම්මලාගේ ගෙදර නැවැත්තුවා කියලයි.

යද්දි අපිට කියලවත් ගියෙ නැහැ කියලා මමයි ආච්චියි දෙන්නම තරහෙන් හිටියේ.ඇයි ඉතින් එකටම ඉදලා කියන්නෙම නැතුව ගියහම ඔයාලට උනත් දුකක්‌ ඇති වෙනවනේ.

ඔහොම කාලයක්‌ යද්දී මට අනුකව මතක්‌ උනා.අයියගේ යාලුවො දෙතුන් දෙනෙක්‌ටම කිව්වා අනුකව දැක්‌කොත් එන්න කියන්න කතා කරන්නත් ආසයි කියලා.ඒත් කිසි කෙනෙක්‌ දැකලත් නැහැ.කොහෙ දකින්නද.පයින් යන දුරකයැ ඉන්නවා කිව්වේ.අම්මා කිව්ව විදිහටනම් කෑගල්ලේ.මටත් පිස්‌සු නිසා මම ඉතින් අහනවා...ක්‌ලාස්‌ එකෙත් අනුක ගැන කියවන නිසා එයාලා මට විහිලුත් කරනවා අන්නාසි මල් හොයන්නේනම් නිකම් වෙන්න බැහැ කියලා...

අයියත් දැන් ඉන්නේ කොළඹ.ගෙදර ඉන්නේ ආච්චියි අපි අදුරන පවුලකුයි.ගේත් පාලු වෙන නිසා ආච්චිත් තනියම නිසා වෙන කට්‌ටියක්‌ව නතර කෙරුවා ගෙදර.අයියා නැති නිසා මටත් ඒ පැත්තේ යන්න ආසාවකුත් තිබුනේ නැහැ.අනික cource එකට ගිහින් එන්නේ ඉතින් ඇඳ බලාගෙනනේ.

දවසක්‌ උදේ නැන්දලාගේ ගේට්‌ටුව ලඟ ඉදන් කවුදෝ අයියගේ නම කිය කිය කෑගහනවා.උදේ 7.00 විතර.ආපෝ පුදුම වදයක්‌නේ නිවාඩු දවසේ.මොකෙක්‌ද මන්දා වදේ උදේ පාන්දරම.මම ඇහුනේ නැහැ වගේ හිටියා හිතෙන් බැන බැනම.අයියා නැහැ කියලා ඔක්‌කොම යාලුවො දැනගෙනත් මේ පිස්‌සා උදේ පාන්දරම ඇවිත් කතා කරනවානේ කියලා මම ආයේ නිදා ගත්තා.
දවල් වෙලා නැගිටලා ගෙවල් පැත්තේ ගියා.ආච්චි ගිය ගමන්ම කිව්වා අර කොලුවා අන්න ආවේ ඔයාලව හොයාගෙන.මම කිව්වා අයියා නැහැ කියලා පස්‌සේ ඔයාව ඇහැව්වා මම බොරුවට කිව්වා ඔයත් පන්ති ගිහින් කියලා.එන වෙලාවක්‌ දන්නේ නැහැ කිව්වා.පස්‌සේ වතුර එකක්‌ ඉල්ලන් බීලා ගියා.

වතුර එකක්‌??
මුලින්ම ගනන් ගන්නේ නැතුව අහන් හිටියට මට එකපාරටම එහෙම ඇහුනේ අනුකවත්ද කියලා හිතිලයි.

කවුද ආච්චියේ ආවේ?

අර කොලුවනේ.අයිය එක්‌ක හිටියෙ මෙහෙ.අනුකද කවුද.

මට ඒ වෙලාවෙ තරහකුත් ආවා දුකකුත් එක්‌කම.අපරාදේ.උදේ එහෙදිත් කතා කරන්න ඇත්තේ අනුක වෙන්න ඇති.ඒ අනුක කියලා දන්නවනම් මම නැගිටිනවනේ.මම මටම හිතෙන් බැන ගත්තා නින්ද ලොකු කර ගන්නවට ඔහොම වෙන්න ඕන කියලා.හෙට ඉදන් ඉතින් ආයෙමත් ක්‌ලාස්‌නේ කියලා මම ගියා ආයෙමත් ටිකක්‌ පාඩම් කරලා නිදා ගන්න.
දැනුත් නිදි මත නිසා යනවා නිදා ගන්න.ඉතුරු කොටස පස්‌සේ...

Sunday, March 4, 2012

කවි සිත 5

හැ මොහොක්

ඔයාව දැකපු හැම මොහොතක්‌ම
ඔයා ගැන හිතපු හැම මොහොතක්‌ම
ඔයා එක්‌ක කත කරපු හැම මොහොතක්‌ම
ඔයා මට ළං උනු හැම මොහොතක්‌ම
ඔයා මට ආදරය කියපු හැම මොහොතක්‌ම
ඔයා මට ආදරය කරපු හැම මොහොතක්‌ම
ඔයා මගෙ ලඟ හිටපු හැම මොහොතක්‌ම
ඔයා මාව අල්ලපු හැම මොහොතක්‌ම
ඔයා මට බැනපු හැම මොහොතක්‌ම
ඔයා මට බොරු කරපු හැම මොහොතක්‌ම
ඔයා මාව මග ඇරපු හැම මොහොතක්‌ම
ඔයා මට රිද්දපු හැම මොහොතක්‌ම
ඔයා මාව අඩවපු හැම මොහොතක්‌ම
ඔයා මාව එපා කියපු හැම මොහොතක්‌ම
ඔයා මාව ඈත්කරලා තනි කරපු හැම මොහොතක්‌ම
අද වගේම මට මතකයි තවමත්...